ගොසිප්

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කර තිබේ.

පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බවට පවසා ඇති බව පැවසීය.

සිරගෙදර තුල රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය. තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය.

වසර 04 ක සිර දඩුවමකට යටත්ව බන්ධනාගාරතව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට සී 01 වාට්ටුවේ රදවා සිටින අතර , ඔහු සමග ජූලම්පිටියේ අමරේ සහ කළු තුෂාර වැනි පාතාල සාමාජිකයන් සිටින බව ද වාර්තා විය.

 

 

Related posts

PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්

Mohamed Dilsad

මධ්‍යවේදියෙකුත් කොරෝනාවට ගොදුරු වෙයි

Mohamed Dilsad

හරීන් සජිත් කපයි

Mohamed Dilsad

Leave a Comment