ව්‍යාපාරික

වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි ගැටළුවක

(UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ සිය කර්මාන්තය දැඩි ගැටළුකාරීත්වයකට මුහුණ දී සිටින බව වේවැල් කර්මාන්තකරුවන් පවසයි.

සිය කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී පවතින ගැටළුව මෙන්ම නිෂ්පාදන සඳහා වෙළදපළක් සකස් කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

ඒ අනුව මෙම වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් සිය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ඔවුන්ට ලබාදෙන හැදුනුම්පත අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ වනජීවි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

වේවැල් කර්මාන්තයට විශේෂ අවදානයක් යොමු කරමින් වේවැල් වගා කිරීමේ ජයවේ ජාතික ව්‍යාපාරය වනාතවිල්ලුව – එළුවන්කුලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ ආරම්භ විය.

ඒ යටතේ අක්කර 88 ක වේවැල් වගා කිරීමට නියමිත අතර ඉදිරියේදී අක්කර 400 ක අලුතින් වේවැල් වගා කිරීමට සැලසුම් කිරීමට නියමිතයි.

 

Related posts

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 24,700ක් : රු.මිලියන 207 දඩ ආදායමක්

Editor O

මේ වසරේදී සංචාරක ඉපයීම් පහලට

Mohamed Dilsad

Leave a Comment