දේශීය

උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

(UTV| කොළඹ) – ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැගීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛවන බව ජනාධිපතිවරයා නිකුත් කල නත්තල් පණිවිඩයේ සඳහන් වෙයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මෙම දහම උපයෝගී කොට ගත හැකි බවද ගෝඨාභය රාජපක්ෂ මහතා නත්තල් පණිවිඩයෙන් සඳහන් කර සිටී.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන මෙරට කිතුණු බැතිමතුන් නත්තල සමරන අතර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ද එලෙසින් ම සිදුවනු ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් පණිවිඩයේ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එ‌මෙන්ම , නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුභාරංචිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම උතුම් දිනයේදී සාමයේ හා දයාවේ පණිවිඩය හදවත් තුළ තහවුරු විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරන්නේ.

දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවද ඔහු නිකුත් කල නත්තල් පණිවිඩයේ සඳහන් වෙයි.

 

Related posts

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප දෙසැම්බර් වනතුරු

Mohamed Dilsad

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

Editor O

Leave a Comment