දේශීය

මැතිවරණ කොමිෂන් සභාවේ කාලය අදින් අවසන්

(UTV |කොළඹ) -19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් (12) අවසන් වේ.

2015 වසරේ නොවැම්බර් මස 13 වනදා එම කොමිෂන් සභාව ස්ථාපිත කෙරුණි.

මැතිවරණ කොමිෂන් සභාව, සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේය.

මීට අමතරව මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වුහ.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන් වුව ද නව කොමිසමක් පත්කරන තුරු සභාපතිවරයාට කොමිෂන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව පවතී.

20 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව නව කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 5 දෙනෙකු දක්වා ඉහළ දමා තිබේ.

මේ අනුව නව සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ඇත.

අනතුරුව එම නම් පාර්ලිමේන්තු සභාව වෙත යොමුකිරීමෙන් අනතුරුව එම සභාවේ නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

Related posts

රන්ජන්ගේ මන්ත්‍රීධුරයට අදාළව අභියාචනාධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

Mohamed Dilsad

එජාප නායකත්වය සම්බන්ධයෙන් කරූගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment