දේශීය

නිවෙස් වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය ලබන සතියේ එකතු කෙරේ

(UTV |කොළඹ) – මේ මස 05 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ඒ ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතියට සමගාමීවය.

මේ නිසා නිවෙස්වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය එම දින පහ තුළ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුලදී දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත ගෙනවිත් භාරදීමට මහජනතාවට අවස්ථාව පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, රූපවාහිනි, විදුලි පංකා, ජංගම දුරකථන, පරිගණක හා බැටරි ඇතුළු විද්‍යුත් අපද්‍රව්‍ය දිවයින පුරා තැපැල් කාර්යාල 653 කට භාර දිය හැක.

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත් හා ෆොන්සේකා ඉවතට

Mohamed Dilsad

රක්ෂණ ඔප්පු හිමියන්ට සහන කාලයක්

Mohamed Dilsad

රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment