විදෙස්

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

(UTV | ස්විට්ස්ටර්ලන්ඩ්) – මීළඟ වසංගතය සඳහා ලෝකය වඩා හොඳින් සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කර සිටියි.

ඒ සඳහා සියළු රටවල් මහජන සෞඛ්‍ය උදෙසා සිදුකෙරෙන ආයෝජන ඉහළ නැංවිය යුතු බවත් ටෙඩ්‍රොස් සඳහන් කර සිටී.

ඔහු මේ අදහස් පළකර සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ගෝලීය වශයෙන් මිලියන 27.2 කට වැඩි පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

2019 දෙසැම්බර් මාසයේ දී මුල්ම කොරෝනා වෛරස ආසාදිතයා චීනයෙන් වාර්තා විය.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය මිහිපිට වාර්තා වන අවසන් වසංගතය ලෙස සැලකිය නොහැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිියා කියා සිටියේය.

Related posts

විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්තානයේ සංචාරයක [PHOTOS]

Mohamed Dilsad

චීනය තුළ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

Mohamed Dilsad

බිල්ගේට්ස් ඇතුළු බිලියනපතියන් රැසකගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment