ගොසිප්

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

(UTV |කොළඹ) – පොලිස් නිළ සුනඛ වෙන්දේසි නතර කිරීමට රජය තීරණය කරයි.

ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

පසුගිය මස 15 වන දා පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් මහනුවර දී පැවැත්වුණි.

එහිදී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි කෙරුණි.

හැකි කළ එම සතුන්ගෙන් උපරිම වැදගෙන වයස්ගත් වන විට එම සතුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව කතාබහට ලක්වූ අතර ඊට දැඩි විරෝධයක් ද ඊට එල්ල කෙරුණි.

කෙසේ වෙතත්, මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

සරත්ලා පියුමි නිසා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

අෆ්රිඩි LPL දමා ගෙදර ගිය හේතුව

Mohamed Dilsad

ජනාධිපතිගේ කතාවට හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Mohamed Dilsad

Leave a Comment