ක්‍රීඩා

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – මෙවර IPL තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමටයි තීරණය කර ඇති බව ද සඳහන්.

ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති බවත් අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

Mohamed Dilsad

කාසියේ වාසිය ස්කොට්ලන්තයට..

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

Mohamed Dilsad

Leave a Comment