විදෙස්

චීනය තුළ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී.

 

එරට බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

 

උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ළමයින් අතර මෙම රෝගී තත්ත්වය සුලබව වාර්තාවෙමින් පවතින බවය.

 

උතුරු චීන ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍යය ද වාර්තා කර තිබුණි.

 

2019 වසරේදී ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙනි.

 

කොවිඩ් වෛරසය වූහාන් හි විද්‍යාගාරයක් තුළ සකස් කළ බවටත්, එය වැළඳුණු රෝගීන් පිළිබඳ කලක් වසන් කළ බවටද චීනයට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවුණි.

 

කොවිඩ් ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ අතර එහිදී සිදුවූ මරණ ගණන 70 ලක්ෂයට ආසන්නය.

 

Related posts

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

Mohamed Dilsad

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

Leave a Comment