විදෙස්

ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට.7දෙනෙකු අතුරුදහන්

(උදයම්,ජපානය) –  ඇමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී අනතුරට ලක් වීමෙන් ඇමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ.

මෙහිදී ඇමෙරිකානු යුද නැව පිලිපීනයට අයත් කන්ටේනර් නෞකාවක ගැටී තිබේ.

නෞකාවේ අණ දෙන නිලධාරියාද තවත් ඇතුළත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් හෙළිකොප්ටර් යානා ආධාරයෙන් ගුවන් මගින් රෝහල් ගත කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්‍රධානි අද්මිරාල් ජෝන් රිචඩ්සන් පවසා ඇත්තේ ලැබෙන තොරතුරු අනතුරට පත් සාමාජිකයින්ගේ  පවුල් සමග බෙදාහදා ගනිමින් වහා ගත යුතු පියවර ගනිමින් සිටින බවය.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ලොව බලගතුම යුද නෞකාවන්ගෙන් එකකි.

එය තාක්ෂණික වශයෙන් ඉතා දියුණු රේඩාර් පද්ධතියකින් යුතු බවත් එහෙව් යාත්‍රාවක් අනතුර මගහරවා ගැනීමට ක්‍රියා නොකළේ මන්ද යන්න පිළිබඳ සැක සහිත බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Editor O

අමෙරිකාව වසර 16 කට පසු මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට සැරසේ

Mohamed Dilsad

Leave a Comment