විදෙස්

මගී බෝට්ටු අනතුරින් මිය ගිය පිරිස සොයා මෙහෙයුම්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සිදුවූ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරින් පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇතැයි අනාවරණය කර ගනී.

දැරිය නොහැකි තරම් මගීන් වැඩි ප්‍රමාණයක් යාත්‍රාවේ රැගෙන යාම හේතුවෙන් එය ගිලී ගිය බවට මේ වන විට අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

අතුරුදන්වුවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ මගී ප්‍රවාහන යාත්‍රාවල මුලික ආරක්ෂක ක්‍රමවේ ද හෝ අනුගමනය කිරීමට රජය පියවර ගෙන නොමැති බවටයි.

මගීන්ට අමතරව යතුරුපැදි විශාල සංඛ්‍යාවක් ද එම අවස්ථාවේ මෙම යාත්‍රාවේ රැගෙන යමින් තිබුණි.

මගීන් 43 දෙනෙකු පමණක් රැගෙන යා හැකි යාත්‍රාවක පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් රැගෙන යාම පිළිබඳ දැඩි චෝදනාවක් එල්ල කෙරේ.එම යාත්‍රාවේ තිබී ඇත්තේ ද ආරක්ෂිත කබා 45 ක් පමණක් බව එස් වාර්තා වල දැක්වේ.

අනතුරින් මෙතෙක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ 18 දෙනෙකු පමණක් බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවෙන්, ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44%ක තීරු බද්දක්

Editor O

කෙන්යාවේ ජනපති දිවුරුම්දීමේ උත්සවය සඳහා ආරක්ෂාව තර කරයි.

Mohamed Dilsad

පිලිපීනයේ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment