දේශීය

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කරයි.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) උදෑසන පාර්ලිමේන්තුවේ දී මෙම සභාව නම් කළේය.

ඒ අනුව පත්කෙරුණු  කාරක සභා සාමාජිකයින් නම්,

කථානායක මහින්ද යාපා අබේවර්ධන – සභාපති

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය 

නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන් 

සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

චමල් රාජපක්ෂ

නිමල් සිරිපාල ද සිල්වා

ජී.එල්. පීරිස්

ඩග්ලස් දේවානන්ද 

ඩලස් අලහප්පෙරුම

විමල් වීරවංශ

මහින්ද අමරවීර

වාසුදේව නානායක්කාර

ප්‍රසන්න රණතුංග

මහින්ද සමරසිංහ

ගයන්ත කරුණාතිලක

රවුෆ් හකීම්

අනුර කුමාර දිසානායක

ඩිලාන් පෙරේරා

රිෂාඩ් බදියුදීන්

ආර්.එම්. රංජිත් මද්දුමබණ්ඩර

මනෝ ගනේෂන්

එම්.ඒ. සුමන්තිරන්

අලි සබ්රි

තවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සංයුතිය ද අද(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබු මන්ත්‍රීවරුන් 22ක් මෙම කාරක සභාවලට ඇතුළත් වේ.

මෙම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

දිවයින පුරා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ස්ථාන 2000ක්

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා

Mohamed Dilsad

Leave a Comment