Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබේ.

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (FTA) අවසන් කිරීම කඩිනම් කරන ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී දෙපාර්ශ්වය ඔවුන්ගේ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ගැඹුරු කිරීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට පොරොන්දු වී ඇත.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාරිගික සහයෝගීතාව තවදුරටත් තර ගැනීම මෙම සාකච්ඡාවේදී සිදුව ඇත.

විදේශ අමාත්‍යවරු දෙදනො අතර පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී චිනය දක්වන සහයෝගය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දක්වන සහාය සහ මෑත කාලීන ආර්ථික අභියෝගවලදී චීනය ලබා දුන් සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කෘතවේදය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය.

චීනයේ එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ උනන්දුව නැවත තහවුරු කළ අමාත්‍යවරයා වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමුද්‍රීය කටයුතු වැනි ප්‍රධාන අංශ හරහා සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ සූදානම ද දැන්වූවේ ය.

දෙරටේ නායකයින් අතර පැවති සාර්ථක සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින්, එකඟවන පොදු දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට උපායමාර්ගික වටිනාකමක් ඇති කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළුව, එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීම යටතේ අඛණ්ඩ සහයෝගීතාවන් වේගවත් කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සමුද්‍ර අංශය වැනි නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත් අතර චීනයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරා හමුවේ ප්‍රකාශ කළේය.

Related posts

ඉදිරියේදී ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

தமிழ் முற்போக்கு கூட்டணி பிரதமருடன் இன்று கலந்துரையாடல்

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයින් යළි භාර ගැනීමට මියන්මාරයේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment