දේශීය

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකු වැඩ තහනමට ලක් කෙරේ

(UTV |කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

ඒ එම බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පතක් ලබාදීමේ සිද්ධියකට අදාළවය.

අප කල විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ මෙලෙස සේවය අත්හිටවනු ලැබුවේ බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ බවයි.

මොහු මීට පෙර ද මෙලෙසම රැඳවියන්ට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවට අනාවරණ විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

පෑලියගොඩ මාළු තොග මිල පහළට

Mohamed Dilsad

පීටර් බෘවර් සහ ජනාධිපති අනුර අතර හමුවක්

Editor O

ගුරු ගැටලුවලට තවමත් විසඳුම් නැහැ – ගුරු සංගම් කියයි

Mohamed Dilsad

Leave a Comment