දේශීය

කංජිපානිගේ පියාට තියුණු ආයුධයකින් පහර දීමක්

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේ ඔහුගේ නිවස අසලදී පුද්ගලයින් තිදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට අද පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි නිවස අසලදී මෙලෙස තියුණු ආයුධයකින් පහර දී තිබේ.

සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.

Editor O

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

Editor O

දුම්රිය පාර්සල් ප්‍රවාහනය අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment