දේශීය

කොරෝනා හමුවේ ඩුබායිහි සිරවී සිටි පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) –  කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එක්රැසත්ඳී අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට පැමිණ තිබේ.

අද(18) අලුයම 5.35 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් , ගුවන් තොටුපලේදීම PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Related posts

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙන හැටි

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට පියවර

Mohamed Dilsad

කාබනික පොහොර භාවිතයේදී එන අභියෝග නොතකා ඉදිරියට යන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment