දේශීය

ඇඳිරි නීතිය කඩකරන්නන් සෙවීමට දිවයින පුරා පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන්

(UTV |COVID-19 ) – පවතින ඇඳිරි නීතියත් සමග අද සහ හෙට දින දෙකෙහි දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කරනු ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 26,600 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට අමතරව වාහන 6799 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

මගී ප්‍රවාහන බස් සඳහා AI

Editor O

දුමින්ද ට පොදුසමාව දීමට එරෙහි FR පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment