දේශීයප්‍රමුඛ පුවත 1

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

(UTV | කොළඹ) –  උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමෙන් පසු පළමු සතිය තුළදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් එම සති අන්තයේ දීම එම දින ප්‍රකාශයට පත්කරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හමුවේ මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගනු ලබයි.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා , විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ මෙම ඉල්ලීම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙසයි.

Related posts

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නවතම තීරණය

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

වර්ෂාපතනය සහ සුලං නිසා නිවාස 30 පමණ හානි

Mohamed Dilsad

Leave a Comment