ප්‍රමුඛ පුවත 1

වර්ෂාපතනය සහ සුලං නිසා නිවාස 30 පමණ හානි

(UTV| බදුල්ල) – වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනය සහ සුලං තත්ත්වය නිසා නිවාස 30 පමණ හානි සිදුව තිබේ.

ඊයේ(13) රාත්‍රි විශාල වර්ෂාපතනයක් සමඟ ප්‍රදේශය හරහා දැඩි සුලං තත්ත්වයක් ඇති වී ඇති අතර විශාල ප්‍රමාණයෙ ගස් රැසක්ද මාර්ගවලට කඩා වැටීම නිසා අතුරු මාර්ග කිහිපයක ගමනාගමනයටත් බධා සිදු වී ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

ඇතිලිවැව,මහආරගම,හුණුකැටිය,රන්දෙණිය සහ හදපානාගල යන ගම්මානවල පවුල් තිහක් පමන ජීවත් වූ නිවාස වලට මෙලෙස හානි වී ඇති අතර නිවාස හයකට පමන පූර්ණ හානි සිදු වී ඇත.

මේ අතර ඊයේ වර්ෂාපතනයත් සමග ඇල්ල වැල්ලවාය මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කදු සහ ගල් පෙරලීම් කිහිපයක් ද වාර්තා වී තිබේ.

ආපදාවට පත්වූවන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර නිවාස අලුත්වැඩියාව සඳහා එක් පවුලකට ලක්ෂ 03ක මුදලක්

Mohamed Dilsad

නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

මැතිවරණ කාල සීමාවේදී සුරාබදු පනත උල්ලංඝණය කළ අයට නීතිය

Mohamed Dilsad

Leave a Comment