විදෙස්

අප්‍රිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

(UTV |අප්‍රිකාව ) – අප්‍රිකානු මහාද්වීපයේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.

විදෙස් වාර්තා වල දැක්වෙන්නේ, මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය පිළිබද අධ්‍යක්ෂ මට්ෂිඩිසෝ මොයේටි, ජිනිවා නුවර ඊයේ පැවති වීඩියෝ මාධ්‍ය හමුවේදී සඳහන් කළ බවයි.

අප්‍රිකාවේ පළමු රෝගීන් ලක්ෂය දින 98ක් තුළද දෙවන ලක්ෂය දින 18ක් තුළද වාර්තා වේ ඇති බවයි.

එමගින් අප්‍රිකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත් වී ඇති බව තහවුරු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

අප්‍රිකාවෙන් කොරෝනා මරණ 5635ක් ද වාර්තා වී තිබේ.

Related posts

චීන පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

38 දෙනෙකු ගමන්ගත් චිලී ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

පාකිස්ථානයේ බස් රථයේ සිටි පුද්ගලයන් 14 ක් වෙඩි තබා ඝාතනය කෙරේ..

Mohamed Dilsad

Leave a Comment