දේශීය

බොල්ගොඩ ගඟේ ගිලීමෙන් කාන්තාවක් මරුට

(UTV |පානදුර ) – බොල්ගොඩ ගග අසල නතර කර තිබූ මෝටර් රථයක් ගගට වැටීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ගල්තුඬේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.

මෝටර් රථයේ සිටි පිරිමි අයෙකු දිවි බෙදා ගෙන ඇති අතර ඔහු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු උතුරු කලූතර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා මෝටර් රථය තුළ කතා බස් කරමින් සිටිය දී එකවරම මෝටර් රථය බොල්ගොඩ ගගට වැටී ඇත.

පසුව ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා පිරිමි පුද්ගලයා බේරා ගත්ත ද කාන්තාව ගොඩ ගැනීමට පැයකට ආසන්න කාලයක් ගත වී තිබූ බව සදහන්.

ඇයගේ මළ සිරුර පානදුර රෝහලේ තැන්පත් කර තිබේ.

Related posts

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ජනපති බ්‍රිතාන්‍ය බලා පිටවෙයි

Mohamed Dilsad

Leave a Comment