Trending Newsඑසැන පුවත්දේශීය

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා තමන්වෙත නිකුත් කර තිබෙන නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්න ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

කෙසේවෙතත් හිටපු පොලිස්පතිවරයා මේ දක්වා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැති අතර ඔහුව සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් හයක් යොදවා ඇති බව සඳහන්.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත්කළ මෙම පෙත්සම අද (10) අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවන ලදී.

වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස විනිසුරුවරු නියෝග කර ඇත

Related posts

US withdraws funding for United Nations Population Fund

Mohamed Dilsad

Kelani Bridge entry temporarily closed today

Mohamed Dilsad

Former Sathosa Chairman granted bail

Mohamed Dilsad

Leave a Comment