දේශීයවිදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය උත්සන්න වෙමින් පවතින අතර, ලද ප්‍රගතියෙන් සෑහීමකට පත් නොවන ලෙස අනතුරු අගවයි.

ඇමරිකානු කලාපයේ වෛරසයේ ව්‍යාප්තිය උත්සන්න වීමත් සමඟ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජිනිවා නුවර දී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබ්‍රියේසස් කියා සිටියේය.

දකුණු ආසියාව ද ඔහු එලෙස හැදින්වූ ව්‍යාප්ත කලාපයකි.

කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මරණ හාර ලක්ෂ 8000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 71 ලක්ෂයකට අධික වේ.

යුරෝපයේ තත්ත්වය වැඩි දියුණු වුවද ගෝලීය වශයෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය දින 10න් 9 යකදීම දිනකට ලක්ෂයකට වැඩි නව ආසාදිතයන් හමුවී ඇති අතර, ඉන් සියයට 75ක්ම ඇමරිකානු කලාපයේ සහ දකුණු ආසියාවේ රටවල් 10කින් වාර්තා වීම විශේෂත්වයකි.

Related posts

අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහාය රනිල්ට

Editor O

උතුරු කොරියාවේ සහය රුසියාවට

Editor O

උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

Leave a Comment