විදෙස්

ඝාතනයට ලක්වූ ෆ්ලොයිඩ්ට එරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා

(UTV| බ්‍රිතාන්‍ය) – ඇමරිකාවේ දී ඝාතනයට ලක්වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගණනකගේ සහභාගීත්වයෙන් විරෝධතා පැවැත්විය.

ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීර් සහ ෂෙෆීල්ඩ් ඇතුළු නගර ගනනාවකම මෙම විරෝධතා පැවැත්වුණු බව වාර්තා වේ.

“යුක්තිය නැත, සාමය නැත සහ කළු ජීවිත වැදගත් යනුවෙන් හඬ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.

“කොවිඩ් – 19ට වඩා විශාල වයිරසයක් ඇති අතර ඒය වර්ගවාදය ලෙස හැඳින්වේ.” යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන විරෝධතාකරුවෝ ගමන් කළහ.

කොරෝනා හේතුවෙන් මහජන රැස්වීම් වලට ඒරෙහිව පනවන ලද නීති නොතකමින් විරෝධතා සංවිධානය කර තිබිණි.

ඉරිදා දිනයේ ග්ලාස්ගෝ, ඒඩින්බර්ග් සහ ඇබර්ඩීන් හි උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත බව විෙදස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දිල්ලි අගනුවරදී තුන් හැවිරිදි දැරියක් දූෂණයට.

Mohamed Dilsad

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයි

Mohamed Dilsad

Leave a Comment