දේශීය

නීති විරෝධී ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු උපකරණ තොගයක් සීදුවේදී අත්අඩංගුවට

(UTV | සීදූව) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සීදූව කිඹුලාමුල්ල කලපු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා සහ උපකරණ රැසක් සොයාගැනීමට සමත්ව ඇත.

ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දිනයේ මෙම වැටලීම සිදුකර ඇති අතර , එහිදී ගෝඩා ලීටර් දස දහසක්, එංජිමක් ද සමග බෝට්ටුවක්, යකඩ බැරල් 100 ක්, ගෑස් සිලින්ඩර් 24 ක් සහ ප්ලාස්ටික් බූලි 47 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් එහිදී සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සොයාගත් උපකරණ වැඩිදුර විමර්ශන සඳහා සීදූව පොලිසියට භාරදී ඇත.

Related posts

කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600 ක්

Mohamed Dilsad

පොලිස්පතිට එරෙහි යෝජනාවක් අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට

Editor O

සෞඛ්‍ය ගැටළු විසඳීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

Editor O

Leave a Comment