දේශීය

කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600 ක්

(UTV | කොළඹ) – මෙම වසරට කොවිඩ් මර්දන එන්නත් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 76 ක් හෙවත් රුපියල් කෝටි 7600 ක් අවශ්‍ය වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.   

යුරෝපය සහ ඇමරිකාව මේ වන විටත් 2022 සහ 2023 වසරවලට ද කොවිඩ් මර්දන එන්නත් ඇනවුම් කරමින් සිටින බවත් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා කීපයක් දිය යුතු බවට එම රටවල් විශ්වාස කරනවා වියහැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ ‘කොවිඩ්’ මර්දන කමිටුවේදී ප්‍රසන්න ගුණසේන මහතා මේ බව සඳහන් කර ඇත.

 

Related posts

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

Mohamed Dilsad

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවගේ ගැටළු විසඳීමට දුරකථන අංක 3ක්

Mohamed Dilsad

ලබන 4 සහ 5 යන දෙදින මැනිං වෙලඳපලත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment