විදෙස්

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

(UTV | කොළඹ) – අද (17) වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1770ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් ගණනද 71200 කි.

නිරෝධායන කටයුතු සඳහා ජපානයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් ගණන 70 සිට 355 දක්වා වැඩිවී ඇති බව ජපන් බලධාරීන් ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේය.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානු ජාතිකයන් 400 දෙනෙක් රැගත් ගුවන් යානා දෙකක් ජපානයෙන් අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ නමුත් නෞකාවේ සිටි කොරෝනා ආසාධිත බවට තහවුරු කරගත් තවත් අමෙරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වෙයි

Mohamed Dilsad

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment