විදෙස්

දිල්ලි අගනුවරදී තුන් හැවිරිදි දැරියක් දූෂණයට.

(UTV| ඉන්දියා)  – දිල්ලි අගනුවරදී සිය අසල්වැසියා විසින් දූෂණය කළ අවුරුදු තුනක් වයසැති ඉන්දියානු දැරියක් බරපතල තත්ත්වයෙන් පසුවන බව  වාර්තා වෙයි .

වයස අවුරුදු 40 ක් වූ මොහු මෙම දැරිය පදිංචි වී සිටි ගොඩනැගිල්ලේම ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී , අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් මෙම දැරිය සිහිසුන්ව සිටියදී සොයාගත් අතර ඇයව ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දියාවම කැළඹීමට පත් කරමින් වෛද්‍ය සිසුවියක බස් රථයක් තුලදී දුෂණයට ලක් ව වසර හයක් ගතවූ ඊයේ දිනයේදී මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්

Mohamed Dilsad

සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

අගමැති මෝඩි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment