ප්‍රමුඛ පුවත 1විදෙස්

අගමැති මෝඩි දිවුරුම් දීමට සුදානම්

(UTV|ඉන්දියාව) –  සිය දෙවන ධුරය කාලය සඳහා අගමැති මෝදි අද පස්වරු හතට දිවුරුම් දීමට නියමිතය.

මෙම උත්සවය නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයන්, එරට ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විදෙස් තානාපතිවරුන්, සුප්‍රකට ව්‍යාපාරිකයන් මෙන්ම ක්‍රීඩා සහ සිනමා තරු රැසකට ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.

පසුගියදා පැවති ඉන්දීය මහමැතිවරණයේදී ආසන 542න් 303ක බලය හිමිකරගනිමින් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ට ජයක් හිමිකරගත්තේය.

ඒ අනුව මේ සමඟ එරට නව අමාත්‍ය මණ්ඩලයද දිවුරුම් දෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

Mohamed Dilsad

කැලිෆෝනියාවේ බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34ක් මියයයි

Mohamed Dilsad

ජනතා මතයෙන් අගමැතිවරයාව තෝරාගන්නවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment