විදෙස්

කැලිෆෝනියාවේ බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34ක් මියයයි

(UTV| කොළඹ) – කැලිෆෝනියා මුහුදු තීරයේ ගමන් කළ බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කිමිදුම්කරුවන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සහ මිය ගිය පුද්ගලයින් 20 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි වාර්තා වෙයි.

සැන්ටා බාබරා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු වන බිල් බ්‍රවුන් පවසන්නේ ගින්නට හසුවූවන් හඳුනාගැනීම සඳහා පවුලෙන් ඩීඑන්ඒ සාම්පල අවශ්‍ය වන බවයි.

ගින්න හට ගන්නා විට අදාල බෝට්ටුවේ පුද්ගලයින් 33 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ගමන් කර තිබෙන අතර අතුරුදන්වූවන් සෙවිමේ මෙහෙයුම් තවදුරත් ක්‍රියාත්මක වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

සොයාගත් වින්දිතයින්ගේ මරණ පරීක්ෂණ ආරම්භ කර නොමැති බවත්, වින්දිතයින් හඳුනා ගැනීම සඳහා පවුලේ සාමාජිකයන්ගෙන් ඩීඑන්ඒ සාම්පල ඉල්ලා සිටින බවත් බිල් බ්‍රවුන් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ සමහරුන් සාගර පතුලේ සැතපුම් භාගයක සුන්බුන් ක්‍ෂේත්‍රයක සිටිය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

WhatsApp තහනම් වෙයි

Mohamed Dilsad

සූවස් ඇළ අධිකාරිය එවර්ග්‍රීන් නැව් සමාගමෙන් ඩොලර් බිලිනයක් වන්දි ඉල්ලයි

Mohamed Dilsad

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment