දේශීය

මහවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයන් 2 ක් මරුට

(UTV | මාතලේ) –  මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

නවතා තිබූ ලොරි රථයකට අධි ධාරිතාවයෙන් යුතු විදුලි රැහැනක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය.

එම අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු සිටි අතර, එක් අයෙකු ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 23 හා 27 වයස්වල පසුවන මහවෙල, සැලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

මහ සමන් දේවාලයේ තාවකාලික බාරකරුට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment