දේශීය

මහවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයන් 2 ක් මරුට

(UTV | මාතලේ) –  මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

නවතා තිබූ ලොරි රථයකට අධි ධාරිතාවයෙන් යුතු විදුලි රැහැනක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය.

එම අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු සිටි අතර, එක් අයෙකු ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 23 හා 27 වයස්වල පසුවන මහවෙල, සැලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

සරසවි සිසුවිය ඝාතන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

මාලක සිල්වාට ඇප

Mohamed Dilsad

Leave a Comment