Trending Newsඑසැන පුවත්දේශීය

මහ සමන් දේවාලයේ තාවකාලික බාරකරුට එරෙහිව අධිකරණ නියෝගයක්

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය. 

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසඳයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.

Related posts

dengue: Over 29,000 cases reported island-wide

Mohamed Dilsad

US and Japanese envoys called on President

Mohamed Dilsad

Government willing to reduce indirect taxes

Mohamed Dilsad

Leave a Comment