දේශීය

මියගිය කළු කොටියාගේ සිරුර කෞතුකාගාරයේ තැන්පත් කිරීමට අවධානය

(UTV | කොළඹ) – නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී මියගිය කළු කොටියාගේ සිරුර කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා ලබාදෙන ලෙස බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය, වනජිවි අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර සඳහන් කළේ එම කළු කොටියා ඉතා දුර්ලභ ඝනයේ සත්වයෙකු බැවින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාර අංශයේ සත්ත්ව අංශයේ තැන්පත් කිරීමට තීරණය කළ බවයි.

මිට අමතරව මෙම කළු කොටියා උප විශේෂයක් දැයි තහවුරු කර ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය ජානමය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර ඒ තුළින් කළු කොටියා පිළිබද විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණ කර ගත හැකි වේ.

Related posts

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

Mohamed Dilsad

ආයුර්වේද පනත ට දුන් තීන්දුව කථානායකට

Mohamed Dilsad

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරයි

Mohamed Dilsad

Leave a Comment