දේශීයව්‍යාපාරික

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

(UTV |කොළඹ) – මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙයි.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ
හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කිරීම නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්ත්වයක් මේ නිසා උද්ගත වී තිබේ.

“2018 වසරේ දී රත්‍රං ආනයනය සඳහා 15%ක බද්දක් පනවනු ලැබිණ. ස්වර්ණාභරණ මිල ඉහළ
යාමට මේ බදු හේතු වී තිබේ. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ
උන්නතියට පියවර ගත යුතුයි“ යනුවෙන් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව
අද(07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

Related posts

සුළු පරිමාණ නිෂ්පාදකයින්ට සුබ පණිවුඩයක්

Mohamed Dilsad

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

අධ්‍යයන කටයුතු ආරම්භය ගැන ජපුර සරසවියෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment