දේශීය

ආයුර්වේද පනත ට දුන් තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබේ.

 

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දෙන බවට නියෝගයක් ලබාදී ඇත.

 

අදාළ පෙත්සම් දින 03ක් පුරා එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.

 

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශීය වෛද්‍යවරුන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පෙත්සම් 08ක් ඉදිරිපත් කර තිබුණි.

 

එම පෙත්සම්වලින් සඳහන් කර තිබුණේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටය.

 

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි

Related posts

සංචාරකයින්ට රට තුළ ගමන් තහනම්

Mohamed Dilsad

රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට පියවර

Mohamed Dilsad

ලබන සතියේත් විදුලි කප්පාදුවක්

Editor O

Leave a Comment