දේශීයව්‍යාපාරික

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරයි

(UTV | කොළඹ) – නව රජය ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නැති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් පළ කරමින් පැවසුවේ පැරණි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ නව මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරන බවයි.

තවද පසුගිය රජය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ඉදිරියටත් පවත්වාගෙන යාමට වත්මන් රජය එකඟ වී ඇති බවට පළ වන තොරතුරුවල අසත්‍ය බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේය.

Related posts

මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාව අද සිට

Mohamed Dilsad

සරසවි කලා සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment