දේශීය

සරසවි කලා සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – කලා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගෙන ඇත.

ඒ අනුව සෑම ශාස්ත්‍ර පීඨයකට තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවන බව එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මීට අමතරව ශාස්ත්‍ර පීඨවල සියලු සිසුන්ට පාඨමාලා හැදෑරිය හැකි වන පරිදි පරිගණක විද්‍යාගාර පිහිටුවන බව ද ඇය ප්‍රකාශ කළාය.

සිසුන් හදාරන උපාධි පාඨාමාලාවට සමගාමීව එක් එක් වසරවල හැදෑරිය හැකි වන පරිදි පරිගණක පාඨාමාලා සකස් කිරීමට ද නියමිතව ඇත.

උපාධිය අවසන් කර විශ්වවිද්‍යාලයෙන් පිටව යන විට පරිගණක තාක්ෂණය පිළිබඳව ඔහුට හෝ ඇයට ඇති නිපුණතාව පදනම් කර ගනිමින් සහතිකයක් ද නිකුත් කෙරෙනු ඇති බවද ඇය අවධාරණය කළාය.

මේ අතර මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සඳහා පරිගණක හා ඉංග්‍රීසි පාඨාමාල online ක්‍රමයට ලබන මාසයේදී පැවැත්වීමට නියමිත අතර , එම පාඨාමාලා අවසන් කරන සිසුන්ට වෙනම සහතිකයක් නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව ඇය  වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related posts

එක්සත් ජනපදයේ තවත් රාජ්‍ය නිලධාරියකු ලංකාවට

Mohamed Dilsad

කොළඹ යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් නියෝගයක්

Mohamed Dilsad

මහින්ද ක්‍රිකට් ගහයි

Mohamed Dilsad

Leave a Comment