දේශීය

මහින්ද ක්‍රිකට් ගහයි

මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

 

වාර්ෂිකව සංවිධානය කරනු ලබන එම ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත් වුණේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

ක්‍රිකට් තරගාවලිය සඳහා මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

 

තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එක්විය.

 

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරග දෙකක් පැවැත්වූ අතර තරග දෙකේම ජයග්‍රහණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

 

තරගාවලියේ වීරයා වශයෙන් ගයාශාන් මන්ත්‍රීවරයා තේරී පත්වූ අතර, හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර ද කුසලාන ලබාගත්හ.

 

 

Related posts

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 4 කට පත්කල ප්‍රධානීන්ට පත්වීම්

Mohamed Dilsad

මැතිවරණයෙන් ඉවත්වන බවට මංගල සමරවීරගෙන් ප්‍රකාශයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment