දේශීය

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර මල්ලක්

(UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාරවේලක් හිමි සිසුන් ලක්‍ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් වෙන් කළ යුතු මුදලින් වියළි ආහාර මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොරෝනා හමුවේ මාස 2 ක් පාසල් නොපැවැත්වීම නිසා මෙම සිසුන්ට එම ආහාර වේල නොලැබුණු බැවින් රුපියල් 965 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මල්ලක් මෙලෙස ලබාදීමට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමති රමේෂ් පතිරණ මහතා සඳහන්කර සිටියේය.

ඒ අනුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බිත්තර 10, සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 6ක්, බිස්කට් ග්‍රෑම් 75 පැකට් 3ක්, සහල් නූඞ්ල්ස් පැකට්ටුවක් සහ කව්පි හෝ කඩල කිලෝවක් සහිත ආහාර මල්ලක් මෙම දරුවන්ට ඉදිරි කාලයේදී ලබාදෙන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

අද විදුලි කප්පාදු කරන කාලසටහන

Mohamed Dilsad

කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය මහජනතාවට විවෘත කෙරේ

Mohamed Dilsad

ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා දුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැහැ.

Editor O

Leave a Comment