දේශීය

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර මල්ලක්

(UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාරවේලක් හිමි සිසුන් ලක්‍ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් වෙන් කළ යුතු මුදලින් වියළි ආහාර මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොරෝනා හමුවේ මාස 2 ක් පාසල් නොපැවැත්වීම නිසා මෙම සිසුන්ට එම ආහාර වේල නොලැබුණු බැවින් රුපියල් 965 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මල්ලක් මෙලෙස ලබාදීමට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමති රමේෂ් පතිරණ මහතා සඳහන්කර සිටියේය.

ඒ අනුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බිත්තර 10, සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 6ක්, බිස්කට් ග්‍රෑම් 75 පැකට් 3ක්, සහල් නූඞ්ල්ස් පැකට්ටුවක් සහ කව්පි හෝ කඩල කිලෝවක් සහිත ආහාර මල්ලක් මෙම දරුවන්ට ඉදිරි කාලයේදී ලබාදෙන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

නාකොටික් 13 දෙනා ලබන 28 තෙක් යළිත් රිමාන්ඞ්

Mohamed Dilsad

සංචාරකයින්ට විල්පත්තුව වැසෙයි

Editor O

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින දෙයි

Mohamed Dilsad

Leave a Comment