දේශීය

නාකොටික් 13 දෙනා ලබන 28 තෙක් යළිත් රිමාන්ඞ්

(UTV| කොළඹ) –  අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කල පොලිස් නිළධාරින් 13 දෙනා ලබන 28 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට වන චෝදනාව යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුවන් අතරින් 11 දෙනෙකුගෙන් තවදුරටත් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියම කරනු ලැබීය.

 

Related posts

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

Mohamed Dilsad

පෙබරවාරියේ වාහන ආනයනය තීන්දුයි. – බද්ද සියයට 200% – 300%ක්- ගැසට් පත්‍රය මෙන්න

Editor O

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

Editor O

Leave a Comment