දේශීය

අද සිට දිනකට දුම්රිය 27 ක් ධාවනයට

(UTV | කොළඹ ) – අද (26) සිට ලබන සිකුරාදා (29) දක්වා දෛනිකව දුම්රියන් 27 ක් සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 ක් , මුහුදුබඩ මාර්ගයේ 09 ක් , කැළණිවැලි මාර්ගයේ 05 ක් , පුත්තලම් මාර්ගයේ 02 ක් සහ උතුරු මාර්ගයේ එක් දුම්රියක් පැමිණීමට නියමිතයි.

එම දුම්රියන් නැවතත් පස්වරුවේ කොළඹ කොටුවේ සහ මරදානේ සිට අදාළ ගමනාන්ත දක්වා ධාවනය කරවීමටද සැලසුම් කර තිබේ.

මේ සතිය සඳහා දුම්රියේ ගමන් කිරීමට රාජ්‍ය සේවකයන් 16,600 කට අධික සංඛ්‍යාවක් අයදුම්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉතිරිව පවතින ආසන සඳහා කාර්යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් යම් සේවකයකුට ගමන් කළ හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මේ අතර දුම්රිය පිටත්වීමට විනාඩි 30 කට පෙර අදාල දුම්රිය ස්ථානයට පැමිණෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු දුම්රිය මගීන්ට දැනුම් දෙයි.

Related posts

ලෝක කුසලාන පරාජයත් සමග සිදුවූ ඛේදවාචකයක්

Mohamed Dilsad

මත් ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ වහා මැඩලිය යුතුයි

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් වලට

Mohamed Dilsad

Leave a Comment