දේශීය

මත් ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ වහා මැඩලිය යුතුයි

(UTV | කොළඹ) – පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කරනු පිණිස අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීයි.

රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබෙන බවත් , ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බවත් ජනාධිපතිතුමා පවසයි.

බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන ලෙසටද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.‍ ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද මෙහිදී උපදෙස් දෙනු ලැබිණ.

 

Related posts

ජපුරේ සිසුවා අනතුරට පත්කිරීමේ සැකකාර සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබාදීම අදින් ඇරඹේ

Mohamed Dilsad

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

Leave a Comment