විදෙස්

ඇෆ්ගනිස්තානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 26 ක් මරුට

(UTV | ඇෆ්ගනිස්තානය) – ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙක් මියගොස් තිබේ.

ජලාලාබාද් නගරයේ පැවති පොලිස් නිලධාරියෙකුගේ අවමංගල උත්සවයකට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූ අතර ප්‍රහාරයෙන් පුද්ගලයන් 45 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා රජයේ නිලධාරීන් රැසක් සහභාගී වී සිට ඇති බව සඳහන්.

තවද කාබුල් නුවර රෝහලක් ඉලක්ක කර ගනිමින් එල්ල කර ප්‍රහාරයකින් බිළිදුන් ඇතුලු 15 දෙනෙක් මිය ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලිබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කල බවයි.

Related posts

ලෝක නායකයින් සමාජජාලා ඔස්සේ අන්තවාදය වැළැක්වීමට එක්වෙයි.

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

Mohamed Dilsad

ටෙක්සාස්හි බෝම්බ පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment