විදෙස්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

(UTV |  බ්‍රිතාන්‍යය) –  බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 3605 දක්වා ඉහළ ගොස් ඇත.

එම සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ද අභිබවා ඇති අතර , එරටින් කොරෝනා ආසාදිතයන් 38,168ක් ද වාර්තා වෙයි.

මේ අතර, කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළේ මෙම සති අන්තයේ ද නිවෙස්වලට වී සිටින ලෙස බ්‍රිතාන්‍ය වැසියන්ට උපදේශයක් ලබාදෙන අතර, එය ඉල්ලීමක් නොවන බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

බ්‍රිතාන්‍ය පැය 24 ක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ මිලියන 32 කට කොවිඩ් තෙවැනි මාත්‍රාව

Mohamed Dilsad

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment