දේශීය

හුදෙකලාකර තිබූ ගම්මානයක් අද යළි විවෘත කරයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු හමුවීමත් සමඟ හුදකලාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය අද (02) සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 

නාවික හමුදා සෙබලාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරුකළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පී.සි.ආර් වාර්තාවෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව හුදකලා කොට තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කර තිබේ.

නාවික හමුදා සෙබලා ඇසුරු කළ හා ඔහුගේ ඥාතීන් සමඟ සබධතා පවත්වා ස්වයං නිරෝධායනයට ලක්කළ පවුල් 29 කින් පවුල් හතරක් තවදුරටත් මහකච්චකොඩිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර සෙසු පිරිසට ස්වයං නිරෝධායනය අවසන් කරන ලෙස උපදෙස් ලබාදුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

පසුගිය 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ මහකච්චකොඩිය ගම්මානය හා ඔහු ඇසුරුකළ පිරිස එලෙස ස්වයං නිරෝධායනයට ලක්කෙරිණි.

Related posts

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

රාජ්‍ය ආයතන වෙත අද අලුත්ම චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment