දේශීයව්‍යාපාරික

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

(UTV | කොළඹ) – එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි නිරීක්‍ෂණය කර තිබේ.

කෙසේ වෙතත් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් අද සිට පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසා ඇත.

ඊට හේතුව වී ඇත්තේ යාපනය ප්‍රදේශයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ මෙලෙස එළවළු මිල ගණන් පහත වැටී ඇති බව එම ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නේය.

ඒ අනුව උඩරට ප්‍රදේශවල වගා කරනු ලබන ගෝවා, බෝංචි, කැරට් සහ ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල මෙලෙස පහත වැටෙන බව ව්‍යාපාරිකයින් පවසයි.

Related posts

සති අන්තයේ දුම්රිය නවතී

Mohamed Dilsad

‘නිවාර්’ ඉන්දියාවේ තමිල්නාඩුවට කඩා වදී

Mohamed Dilsad

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment