දේශීය

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප

(UTV | කොළඹ) – රත්ගම ද්විත්ව ඝාතන නඩුවට අදාළව අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 17 දෙනා ඇප මත අද (30) මුදා හැර තිබේ.

ඒ ඊට අදාළ නඩුව දකුණු පළාත්බද, ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

රත්ගම – රත්න උදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසිත් චින්තක යන දෙදෙනා පසුගිය වසරේ ජනවාරි 23 වනදා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවට මොවුන්ට එරෙහිව චෝදනාවයි.

Related posts

පර්යේෂණ නෞකාවක් හරවා යවයි.. ඩොලර් මිලියනයක් අහිමි වෙයි..?

Editor O

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙටින් ඇරඹෙයි

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment