දේශීයප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

(UTV | COVID 19) – ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ආරම්භ කිරීම දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන ආකාරයෙන් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි.

ඔහු මේ බව අවධාරණය කළේ රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සමග අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ විශේෂ හමුවකදීය.

රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි ආකාරයෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබේ.

ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

Mohamed Dilsad

සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වලකින්න

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment