දේශීය

මෙරට රැඳී සිටි භුතාන සිසුන් 93 ක් රටින් පිටත්වෙයි

ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටි භූතාන සිසුන් නැවත භූතානයට රැගෙන ගොස් තිබේ.

ඒ සඳහා Tashi Air විශේෂ ගුවන් යානයෙන් අද (30) දහවල් භුතාන සිසුන් 93 ක් රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

කොරෝන වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙරට විශ්වවිද්‍යාල වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පියවරය ගෙන තිබේ.

මෙම විශේෂ Tashi Air ගුවන් යානාය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.15 ට කොළඹින් පිටත් වූ අතර එය භූතානයේ පාරෝ දක්වා පියාසර කෙරෙණු ඇත.

භූතාන සිසුන් නැවත සිය නිවෙස් කරා ගෙන යාම සඳහා විශේෂ අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ ගරු භූතාන කොන්සල්වරයා වන අබ්බාස් එසුෆලි මහතා ශ්‍රී ලංකා රජය, විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපල අධිකාරිය වෙත සිය ස්තුතිය පළ කර සිටියේය.

Related posts

22 වනදා සිට විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

ඉන්දීය බිත්තර මිලියන 92ක් ආනයනයට අනුමැතිය

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ට වරෙන්තු

Editor O

Leave a Comment