දේශීය

උසස් පෙළ කල් දමන බවට ඇතැමුන් ගෙනගෙන යන ප්‍රචාර අසත්‍යයයි

(UTV | කොළඹ) – 2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය  කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවයි.

මුළු ලොවම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්‍යයසම්පන්නව මුහුණ දෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි  වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශවයන් හට දන්වා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය , සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා  සිටින්නේ රජය විසින් නිකුත් කරන නිළ ප්‍රකාශ සහ පුවත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසට, අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 282ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල යළිත් ආරම්භ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment